Sunday, November 17, 2024

General line - 0115112241

බෙල්ලන්විල රජමහා විහාරයේ රන්දෝලි පෙරහැර අද




බෙල්ලන්විල රජමහා විහාරයේ 74වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරෙනවා.

ඒ අනුව බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වීදි සංචාරය කෙරෙන පෙරහැර බෙල්ලන්විල දෙහිවල මාර්ගය ඔස්සේ බෙල්ලන්තොට හන්දියට පිවිසෙනවා.

එතැන් සිට කීල්ස් හන්දිය හරහා අත්තිඩිය මාර්ගය ඔස්සේ පැපිලියාන විහාර මාවතට පිවිස නැවත විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතයි.

ඒ අනුව රාත්‍රී 08 සිට අලුයම 03 දක්වා කාලය තුළ ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.

එම කාලය තුළ බොරලැස්ගමුව - නැදිමාල හන්දිය මාර්ගය, රත්මලාන, බෙල්ලන්තොට - අත්තිඩිය මාර්ගය හා පැපිලියාන මංසන්ධියේ සිට දෙහිවල මාර්ගය භාවිත කරන ජනතාව විකල්ප මාර්ග භාවිත කළ යුතු වනවා.

ඒ අනුව සියලුම බර වාහන පැපිලියාන දෙසට  ගමන් කර කොහුවල මංසන්ධිය හරහා කළුබෝවිල මාර්ගයෙන් ගාලු පාරට පිවිසිය හැකියි. 

මහරගම හා පිළියන්දල දෙසින් දෙහිවල දෙසට දෙසට ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහන පැපිළියාන දෙසට ගමන් කර කොහුවල හන්දියෙන් කළුබෝවිල මාර්ගයට ගමන් කිරීම හෝ අබේරත්න මාවතින් අත්තිඩිය මාර්ගයට පිවිස බේකරි හන්දිය හරහා ගල්කිස්ස දෙසට ගමන් කළ යුතුයි. දෙහිවල දෙස සිට පැමිණෙන රථවාහන නැදිමාල හන්දියෙන් ඇන්ඩර්සන් පාර හන්දියට පිවිස කළුබෝවිල මාර්ගය හරහා ගමන් කළ හැකි බවයි පොලීසිය පැවසුවේ. 

මේ අතර, නවගමුව අතිපුරාණ ශ්‍රී පත්තිනි දේවාලයේ පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරෙනවා.

ඒ අනුව අවිස්සාවේල්ල - කොළඹ 143 පරණ මාර්ගය භාවිත කරන මහජනතාව සහ රියදුරන් අද රාත්‍රී 08 සිට හෙට අලුයම 02 දක්වා විකල්ප මාර්ග භාවිත කළ යුතු බවයි පොලීසිය පැවසුවේ.

අවිස්සාවේල්ල කොළඹ 143 මාර්ගය ඔස්සේ ධාවනය කෙරෙන රථවාහන එම කාලසීමාවේදී රනාල සියඹලාගස් හන්දියෙන් වමට හරවා 698 මාර්ගය ඔස්සේ ඔරුවල මංසන්ධියට පිවිසිය යුතු වනවා.

එම මංසන්ධියෙන් දකුණට හරහා 697 මාර්ගය ඔස්සේ වෙලේ හන්දියට පිවිස එම රථවාහනවලට කොළඹ දෙසට ගමන් කළ හැකියි.  

කොළඹ දෙස සිට හංවැල්ල දෙසට 143 මාර්ගයේ ධාවනය වන රථවාහන වෙලේහන්දියෙන් දකුණට හරවා 697 මාර්ගය ඔස්සේ ඔරුවල හන්දියෙන් වමට හරවා රනාල සියඹලාගස් හන්දියෙන් දකුණට හැරී හංවැල්ල දෙසට ධාවනය කළ හැකි බවයි පොලීසිය පැවසුවේ.

එමෙන්ම හෙට දින පෙරවරු 08 සිට පස්වරු 01 දක්වාද මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි.