Sunday, November 17, 2024

General line - 0115112241

දුක් විඳි ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම වරදක් නම්, වරද පිළිගැනීමට තමන් සූදානම් බවට ජනපතිගෙන් ප්‍රකාශයක්




ආර්ථික අර්බුදය හමුවේ ආහාර, ඖෂධ සපයාගත නොහැකිව දුක් විඳි ජනතාවගේ එම අවශ්‍යතා සපුරාලීම වරදක් නම් එම වරද පිළිගැනීමට තමන් සුදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රට ආර්ථික වශයෙන් වැටී තිබූ අවස්ථාවේ තමන් රට භාරගත්තේ ජනතාවට සහන සැලසීමට බවයි අම්පාරේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

එහිදී අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 09ක විවිධ පක්ෂ නියෝජනය කරන හිටපු සභාපතිවරුන්, උපසභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ජනාධිපතිවරයාට සහාය දැක්වීමට එක් වුණා.

ඉදිරියේදී සැමට සහන සලසන පොදු ජන රජයක් බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පොලොන්නරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

තමන්ට ඡන්දය නොදෙන පිරිස ද එක්කර ගනිමින් සැප්තැම්බර් 21 වනදායින් පසුව රට හදන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

බලංගොඩ පැවති ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ ගමේ සිටින සෙසු පක්ෂවල සාමාජිකයින්ද ආරක්ෂා කරන බවයි.

මේ අතර වසර තුනක් තුළ රාජ්‍ය සේවයේ වංචා දූෂණ අවම කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ලක් කිරීම හරහා පවතින ගැටළු රැසකට විසඳුම් ලබාදිය හැකි බවයි.

තරුණ සංවිධාන කිහිපයක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.