Sunday, November 17, 2024

General line - 0115112241

එජාප ප්‍රබලයෙක් දිවි ගමනට සමුදෙයි




එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ රුක්මන් සේනානායක මහතා අද අභාවප්‍රාප්ත වුණා.

කලක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙසද රුක්මන් සේනානායක මහතා කටයුතු කළා.

ඔහු පළමුව පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1973 වසරේදීයි. රුක්මන් සේනානායක මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක මහතාගේ මුණුපුරා වනවා.  

මියයන විට රුක්මන් සේනානායක මහතාගේ වයස අවුරුදු 76ක්. ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දීමට නියමිතයි.