එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද පස්වරු 02ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා.
පක්ෂ නායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන එම විශේෂ මහා සම්මේලනයට සෑම මැතිවරණ කොට්ඨාසයක්ම නියෝජනය කරමින් එක්සත් ජාතික පාක්ෂිකයින් සහභාගී වනවා.
එමෙන්ම අද දිනයේ ද දිස්ත්රික්ක කිහිපයක වෙනත් දේශපාලන පක්ෂවල ප්රාදේශීය නායකයින් කිහිප දෙනෙකු ද අද දිනයේ ජනාධිපති අපේක්ෂක රනිල් වික්රමසිංහ මහතාට සහාය පල කිරීමට එක්වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම සම්මේලනය සඳහා ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය පල කරන සියලුම පක්ෂ නායකයින්ට ආරාධනා කර තිබෙනවා.
මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර.