Sunday, November 17, 2024

General line - 0115112241

ජනපතිවරණයට පෙර අපේක්ෂකයෙක් මියගියහොත්    සිදුවන දේ




ජනපති අපේක්ෂකයෙකු මියගියහොත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු ආදේශ කිරීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ එම අපේක්ෂකයා වෙනුවෙන් නාම යෝජනා භාරදුන් පක්ෂයට හෝ පුද්ගලයාට එය දැනුම් දීමට අවස්ථාව පවතින  බවයි.  


ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලැබූ බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළා.

කෙසේවෙතත් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ඒ එම් ඉල්ලියාස් පසුගියදා අභාවප්‍රාප්ත වුණා.

එහෙත් ඔහුගේ නම ඡන්ද පත්‍රිකාවෙන් ඉවත් නොවන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මේ අතර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා සැලසුම් කළ පරිදි සියලු කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කරමින් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියා.