Sunday, November 17, 2024

General line - 0115112241

සියලුම ගොවි ජනතාවට සජිත්ගෙන් නව බලාපොරොත්තුවක්




රටේ ආර්ථික අර්බුදයක් පැවතිය කාල සීමාව තුළ සියලුම දේශපාලන පක්ෂයක නායකයින් රටේ වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දඹුල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ රටේ වගකීම භාර නොගත් පිරිස් මේ වනවිට ස්ථාවරව පවතින ආර්ථිකය කඩා වැටීම සඳහා නොයෙකුත් ප්‍රකාශ සිදු කරමින් සිටින බවයි. 

පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ සියලුම ගොවි ජනතාවට තම රජයක් යටතේ සහන රැසක් ලබා දීමට මේ වනවිටත් සැලසුම් සකස් කර තිබෙන බවයි.

 

ගොවි ජනතාවගෙන් ලබා ගන්නා වී අස්වැන්න සහල් බවට පත් කිරීමෙන් පසු අපනයන කර ගොවි ජනතාවට ඩොලර් ලැබෙන ක්‍රමවේදයක් සකස් කරන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 


නාමල් රාජපක්ෂ යනු රටේ ආර්ථිකය සහ දේශපාලනය පිළිබඳ මනා දැනුමක් ඇති නායකයෙක් වන බැවින් ඔහුගේ ජයග්‍රහණය සඳහා සියලුම ජනතාවගේ සහයෝගය ලබාදෙන ලෙසයි දිවුලපිටියට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.