බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා
මෙම සිද්දියෙන් මියගොස් ඇත්තේ යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ නෙදුන්තිව් 15 වන වසාමේ පදිංචි වයස අවුරුදු 80 ක් පමණ වන කාන්තාවක්
මෙම කාන්තාව නිවස පිටුපස සිටියදී වල් ඌරෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇති අතර එහිදී ඇයගේ පපු ප්‍රදේශයට බරාපතල තුවාල සිදුව තිබෙනවා
පසුව ඇයව ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ පසු වූ බැවින් ඇයව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යැවීමෙන් පසුව මියගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ඩෙල්ෆ්ට් පොලීසිය සිදු කරනු ලබනවා.