රාජ්‍ය දේපල විකිණීමකින් තොරව ඒ සඳහා ආයෝජන ගෙනවිත් ලාබ ලබන ආයතන බවට පත් කිරීම තමන්ගේ රජයක් යටතේ සිදු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
රාජ්‍ය දේපළ දියුණු කිරීම තුළින් රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වන බවයි කැලණිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
සියලුම ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදෙන රජයක් තමන් බලයට පත් වූ පසු නිර්මාණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ සියලු දෙනාගේ සහයෝගය ඒ සඳහා ලබාදෙන ලෙසයි.
ජාතික ජන බලවේගය බලයට පත් වූ පසු තමන් වෙනුවෙන් ඡන්දය ලබාදුන් සහ ඡන්ද ලබා නොදුන් සියලු දෙනා ආරක්ෂා කර ගනිමින් රට ගොඩනගන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු තම පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේ මැතිවරණ ජයග්රහණයෙන් පසු සියලුම දේශපාලන පක්ෂවල පාක්ෂිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.