Sunday, November 17, 2024

General line - 0115112241

IMF ගිවිසුම් අහෝසි වුවහොත් වෙන දේ ජනාධිපති දඹුල්ලේදී කියයි




ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුම් අහෝසි කිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ ලබාදිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

යම් හෙයකින් එම ගිවිසුම් අහෝසි වුවහොත් යළිත් රටට පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදුවන බවයි දඹුල්ලේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.


සිදුකල සමීක්ෂණ වර්තාවලින් මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරමුණේ පසුවන බවයි හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දඹුල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් පැවසුවේ.