Sunday, November 17, 2024

General line - 0115112241

බිරිඳ මියගිය දුකට සැමියාත් සියදිවි නසාගනී 




මන්නාරම රෝහලේදී දරු ප්‍රසුතියකින් පසු  සිය බිරිඳ මියයෑම සහ අලුත උපන් දරුවා තනිවීම සම්බන්ධයෙන් සිත් තැවුලට පත්වී සිටි එම දරුවාගේ පියා නිවසේදී සියදිවි නසාගෙන තිබෙනවා 

ඊයේ (24) රාත්‍රියේ කිසියම් ඇට වර්ගයක් කෑමෙන් පසු බරපතල ලෙස රෝගී වී ඇති අතර ඔහුව වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමටත් පෙර මිය ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ වවුනියාවේ පනිච්චපුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පුද්ගලයෙක් 

මෙම පුද්ගලයාගේ බිරිද වූ සින්ධුජා මන්නාරමේ මුරුන්කන් ප්‍රදේශයේ පදිංචි මරියරාජ් සින්ධුජා නම් 27 හැවිරිදි උපාධිධාරි කාන්තාව කි.

ඇය මුරුන්කන් රෝහලේදී දරුවකු ප්‍රසූත කළ අතර ඇය ආපසු නිවසට යාමෙන් පසුව අධික ලෙස  රුධිරය වහනය වීම හේතුවෙන් යළි මුරුන්කන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇයව මන්නාරම රෝහල වෙත මාරු කොට යවා ඇත.

රෝහලට ඇතුළත් කිරීමෙන් පැය කීපයකට පසුව පසුගිය 28 වනදා මන්නාරම මූලික රෝහලේදී මියගොස් තිබුණි.

ඇයගේ ස්වාමිපුරුෂයා සහ පවුලේ ඥාතීන් චෝදනා කළේ වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් අදාළ කාන්තාව මියගිය බවය.

වාට්ටුවේ කාර්යබාර වෛද්‍යවරයා හා හෙදියන් ඇතුලු කාර්ය මණ්ඩලය මේ සිද්ධිය සාමාන්‍ය රුධිරය වහනය වීමක් ලෙස සලකා රෝගී කාන්තාවට ප්‍රතිකාර ලබා දී නොමැති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

මේ සම්බන්ධයෙන් ඇගේ මව වීසින් සියලුම බලධාරීන්ට පවසා ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර තිබුනා.

ඒ අනුව වෛද්‍යවරයෙකු, හෙදියන් දෙදෙනෙකු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දෙදෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටවා තිබුණි.

වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකය.