තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අභියෝගයක් සිදුකලා.
ඒ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙතයි.
එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අභියෝගය ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
රාජ්‍ය සේවකයන්ට ලබාදීමට නියමිත රුපියල් 25,000 දීමනාව මැතිවරණ පොරොන්දුවක් නොවන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
ඔහු සඳහන් කළේ ජනතාව වෙනුවෙන් ඉදිරියටත් සහන ලබාදීමට බලාපොරොත්තු වන බවයි.