Sunday, November 17, 2024

General line - 0115112241

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු දියේ ගිලී මරුට




කළුතර, ඉහළකන්ද ප්‍රදේශයේ ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නාමින් සිටි පිරිසකගෙන් දෙදෙනෙකු දියේ ගිලීි මියගොස් තිබෙනවා.

එලෙස දියේ ගිලීි මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් සහ එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්.

මොරටුව ප්‍රදේශයේ ඩෙංගු මර්ධන සහයකයින් පිරිසක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව්දෙනෙකු අද පෙරවරුවේ එම දියවලෙහි දිය නෑමට ගොස් තිබෙනවා.

එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

දේහයන් පිළිබඳ හදිසි මරණ පරීක්ෂණ හෙට දිනයේදී පැවැත්වීමට නියමිත අතර ඉත්තෑපාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.