ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා පියතුමා ඇතුළු කතෝලික රදගුරු සම්මේලනයේ පියතුමන්ලා හමුවී තිබෙනවා.
රට තුළ ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය, පාරිසරික සහ කතෝලික පල්ලි හා සම්බන්ධව පැනනැඟී ඇති ගැටළු පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
මේ වනවිට මෙරට ආර්ථිකය ලබා ඇති ප්‍රගතිය සහ ජනතාවගේ ජීවන ගැටළු විසඳීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී කතෝලික රදගුරු සම්මේලනයේ පියතුමන්ලාව දැනුවත් කර තිබෙනවා.
කතෝලික රදගුරු සම්මේලනයේ මහලේකම්, කොළඹ සහායක රදගුරු දොන් ඇන්ටන් ජයකොඩි පියතුමා ඇතුළු පියතුමන්ලා ද එම අවස්ථාවට එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.