Sunday, November 17, 2024

General line - 0115112241

තම රජයක් යටතේ සිවිල් ආරක්ෂක නිලධාරින්ගේ දීමනා සහ වැටුප් වැඩි කරන බව සජිත් කියයි




සමගි ජන බලවේග රජයක් යටතේ සිවිල් ආරක්ෂක නිලධාරින්ගේ දීමනා සහ වැටුප් වැඩි කරන බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එමෙන්ම එම ක්ෂේත්‍රයට නව උසස්වීම් ක්‍රමවේදයක් සකස් කරන බවයි අම්පාර ප්‍රදේශ ජන රැලියක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.


සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය ජයග්‍රණය කිරීමෙන් පසු නව නීති සකස් කරමින් වංචා, දූෂණ සිදුකල පුද්ගලයන්ට දඬුවම් දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි එම ජන හමුවට එක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවේ.