පක්ෂය හැර ගිය කිසිවෙකුත් යළි එක් කර නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ සිය දෙවන පෙළ මේ වනවිට ජනපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවයි.
එවන් පසුබිමක් තුළ පක්ෂය හැර ගිය කිසිවෙකුගේ අඩුවක් පක්ෂයට නොදැනෙන බවද එම ප්‍රකාශකයා කියා සිටියා.
මේ අතර පක්ෂය හැරගිය පිරිස සම්බන්ධයෙන් ගතයුතු නීත්‍යානුකූල පියවර පිළිබද ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්වූ තමන් ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්නා බව කියන විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක දැක්වූයේ මෙවන් අදහසක්.
සිය කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට එක් වූයේ රට ගැන සිතා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත නෙත් නිවුස් වෙත කියා සිටියේ.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරනු ඇතැයි කියූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක දිවුලපිටියේ පැවති රැලියට එක්ව සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එය පැවැත් වුණා.