දැදුරු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ මවගේ සහ අනෙක් දරුවාගේ මෘත ශරීර අද අලුයම සොයාගෙන තිබෙනවා.
කුරුණෑගල - බෝගමුව මහ මූකලන්යාය - පේරහේනවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ ඇගේ පිරිමි දරුවන් දෙදෙනෙකු නිවස ආසන්නයෙන් ගලා යන දැදුරු ඔයේ දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලී එක් දරුවෙකු මියගොස් අනෙක් දෙදෙනා අතුරුදහන් වී තිබුණි.
මියගිය 09 හැවිරිදි දරුවාගේ මෘත ශරීරය පොලිසිය විසින් ඊයේ සොයා ගත් අතර මව සහ අනෙක් දරුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුනා
ඒ අනුව අද අලුයම මවගේ සහ අනෙක් දරුවාගේ මෘත ශරීර සොයා ගත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ
මෙසේ මියගොස් ඇත්තේ, 33 හැවිරිදි මව, 07 හැවිරිදි සහ 05 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක්.
ඔවුන් පේරගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙනවා
බෝගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.