2024 වසරේ ලෝකයේ හොඳම බැංකු අධිපතිවරුන් අතරට පැමිණීමට ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමත් වී තිබෙනවා
ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව පසුගියදා මෙම වසරේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබුනා
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2024 වසර සඳහා "A" ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.
පසුගිය වසරේදී ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ "ඒ (-)" ලබාගෙන තිබුනා.
මෙම ශ්‍රේණි ගත කිරීම් 1994 වසරේ සිට ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන අතර ඒ සඳහා ප්‍රධාන රටවල් 100 කට අධික සංඛ්‍යාවක මහ බැංකු අධිපතිවරුන්ගේ නම් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් කරනු ලබයි.
මේ සදහා උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, මුදල් ඒකකයේ ස්ථාවරත්වය සහ පොලී අනුපාත කළමනාකරණය යන නිර්ණායක පාදක කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙන්නේ.
ඒ අනුව මහ බැංකු අධිපතිවරයකුට ලබා දෙන ඉහළම ශ්‍රේණිගත කිරීම "ඒ" වන අතර පහළම ශ්‍රේණිගත කිරීම "එෆ්" ලෙස වර්ග කරනු ලබනවා
එම ශ්‍රේණිගත කිරීම වලද "ඒ" ශ්‍රේණිගත කිරීම "ඒ" ප්ලස්, "ඒ" , "ඒ" මයිනස් ලෙස කොටස් තුනකට වෙන්කරනු ලබනවා
මෙහි පළමු තැන ලබා ගැනීමට ඉන්දීය මහා බැංකු අධිපති ශක්තිකාන්ත දාස් සමත් වී තිබෙනවා.