ජනාධිපතිවරණයට අදාළ තවත් පැමිණිලි 89ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව පසුගිය ජූනි 31වනදා සිට අගෝස්තු 24 වනදා දක්වා කාලය තුළ ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 925ක්.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන 901ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.
ඉන් පැමිණිලි 460ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.
නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 441ක්.
වෙනත් පැමිණිලි 23ක්ද දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.