සිය මැතිවරණ කටයුතු සඳහා හෙලිකොප්ටර් සහ ගුවන් යානා යොදා ගන්නේනම් ඒ සඳහා අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියලු ජනාධිපති අපේක්ෂකයන් වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මැතිවරණ රැස්වීම් සහ ප්රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යාමට රජයේ වියදමින් ගුවන් හමුදා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා යොදා ගැනීමට නොහැකි බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.
එමෙන්ම මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් රථ හෝ දුම්රිය යොදා ගන්නේ නම් ඊට ද මුදල් ගෙවිය යුතු වනවා.
මේ අතර මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් නිල ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මළු භාර ගැනීම අද ආරම්භ කෙරුණා.
මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ.
මේ අතර ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 925ක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන 901ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.
ඉන් පැමිණිලි 460ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.
නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 441ක්.
වෙනත් පැමිණිලි 23ක්ද දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.
මේ වන විට ප්රචණ්ඩ ක්‍රියා එකක්ද වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.