මද්‍යසාර, දුම්වැටි පාලනය සහ මත්ද්‍රව්‍ය, පාලනය සම්බන්ධයෙන් යෝජනා 12ක් ජනාධිපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින්. දුම්වැටි සහ මද්‍යසාර භාවිතයෙන් දිනකට පුද්ගලයන් 100කට ආසන්න ප්‍රමාණයක් මියයනු ලබනවා.
එමෙන්ම රට තුළ සිදුවන වළක්වා ගත හැකි මරණවලින් 10න් 8කටම බෝ නොවන රෝග හේතුවන අතර එම රෝග ඇති වීමට බලපාන ප්‍රධාන සාධක 4න් 2ක්ම දුම්වැටි සහ මද්‍යසාර භාවිතය හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙරට පුද්ගලයන් දිනකට දුම්වැටි සහ මද්‍යසාර භාවිතය සඳහා රුපියල් කෝටි 121ක් වියදම් කරනු ලබනවා.
එම කරුණු සැලකිල්ලට ගනිමින් සෑම ජනාධිපති අපේක්ෂකයෙකුම සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට ඉදිරිපත් කිරීම සඳහා යෝජනා 12ක් එලෙස යොමුකල බවයි මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පැවසුවේ.
මද්‍යසාර සහ දුම්වැටි සඳහා වූ බදු උද්ධමනයට සහ ආර්ථික වර්ධනයට ගලපමින් සෑම වසරකම සුරාබදු වැඩිවන විද්‍යාත්මක බදු සූත්‍රයක් හඳුන්වා දෙමින් එය ක්‍රියාත්මක කිරීම එක් යෝජනාවක් වනවා.
දුම්කොළ සහ මද්‍යසාර සමාගම් පැහැර හැර ඇති බදු අයකර ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි යන්න තවත් යෝජනාවක්.
එමෙන්ම තාවකාලික මද්‍යසාර බලපත් නිකුත් නොකිරීම සහ සංචාරක කර්මාන්තය මුවාවෙන් නිකුත් නරන සුරා බලපත් ලබා දීමේ ක්‍රමවේදය අත්හිටුවිය යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා.
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් ජනාධිපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කර ඇති එම යෝජනාවලිය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත