Sunday, November 17, 2024

General line - 0115112241

මැතිවරණ පැමිණිලි ගණන 1,000 පනී - ප්‍රචන්ඩ ක්‍රියා හතරකුත් ඒ අතර




ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකාවේ දිග හේතුවෙන් ඡන්ද දායකයින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමේදී සුළු ප්‍රමාදයක් විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එමෙන්ම ඡන්ද ගණන් කිරීමේදී ද ප්‍රමාදයක සිදුවිය හැකි බවයි එම කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක පැවසුවේ.


මේ අතර ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,000 ඉක්මවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව පසුගිය   ජූලි 31 වනදා සිට ඊයේ දිනය දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,052ක්.

ඉන් පැමිණිලි 1,006ක්ම ලැබී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළව පැමිණිලි 04ක් ලැබී තිබෙනවා.

වෙනත් පැමිණිලි 42ක් ද ලැබී ඇති බවයි මැකිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක කියා සිටියා.