Saturday, November 16, 2024

General line - 0115112241

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආණ්ඩුව දකින හැටි




සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු කොටස පරිසමාප්ත ජීවිතයක් - සුවපහසු රටක් ඇති කිරීමට අදාළ කරුණු ඇතුළත් කර ඇති බව ජාතික ජන බලවේගය පවසනවා.

ගෞරවනීය ජීවිතයක් ගත කරමින් සුරක්ෂිත රටක් ස්ථාපිත කිරීමට අදාළ වූ කරුණු ද එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දෙවන කොටසට ඇතුළත්.

එහි තෙවන කොටසින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නවීන තත්ත්වයකට ගෙන ඒමෙන් පොහොසත් රටක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ සැලසුම් පිළිබඳවයි.

අභිමානවත් ජීවිතයක් ගත කිරීම සඳහා නොසැලෙන රටක් නිර්මාණය කිරීමට අදාළ සැලසුම් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිව්වන සහ අවසන් කොටසට අන්තර්ගත කර තිබෙනවා.

පිටු 230කින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශය “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන්න තේමා කර ගනිමින් අද එළිදැක්වුනා.

ඒ, ශ්‍රී ජයවර්ධනපුරදී පැවති උත්සවයකදීයි. 

කෙසේවෙතත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහ පොළවේ යථාර්තයක් නොවන එකක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ.


මේ ඊට ප්‍රතිචාර දැක්වූ ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක. 

 

 

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පහතින්