ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසට උතුරු, නැගෙනහිර දෙමළ ජනතාව වෙත පත්‍රිකාවක් බෙදා හරින බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මැතිවරණ නිරීක්ෂන සංවිධානයක් පවසනවා.
ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයනය ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු කණ්ඩායමක් විසින් එම පත්‍රිකාවක් බෙදාහරින බවට වාර්තා වූ බවයි.
මේ අතර ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 160කට ආසන්න ප්‍රමාණයක් සිය ආයතනයට මේ වනවිට ලැබී ඇති බවද ඔහු කියා සිටියා.