Saturday, November 16, 2024

General line - 0115112241

තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු බෙදා හැරීම අදින් අවසන්




2024 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අදාළ ආයතන වෙත භාරදීමේ කටයුතු අද දිනයෙන් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ රාජකාරිවලින් සියයට 75ක පමණ ප්‍රමාණයක් මේ වනවිටත් අවසන් කර ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ.


මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව හත් ලක්ෂ දොලොස් දහස් තුන්සිය විසි එකක් වනවා.  

තැපැල් ඡන්දය සඳහා වැඩිම පිරිසක් සුදුසුකම් ලබා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අදාළ ආයතන වෙත භාරදීමේ කටයුතුවල තදබදයක් පවතින බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ.


තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන තෙක් එම තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ ආයතනවල සුරක්ෂිතව තබා ගන්නා ලෙසට නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියා.