04 වන ලෝක ආරක්ෂක සේවා ශිෂ්‍ය භට ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ ගයනි වාසනා චතුරංගි රන් පදක්කමක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාවින්දි ජයවීර ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් සංවිධානය කළ මෙම තරගාවලිය වෙනිසියුලාවේ කරකස් නුවරදී පැවැත් වුණා.
ඊට රුසියාව, චීනය ඇතුළු රටවල් කිහිපයකම ශිෂ්‍ය භට නිලධාරීන් 500ක් පමණ සහභාගී වී තිබෙනවා.
යුධ හමුදා ශිෂ්‍ය භට කෝප්රල් නිලධාරිනී ගයනි වාසනා චතුරංගි දුර පැනීමේ ඉසව්වට සහභාගී වී මීටර් 5.24ක දුර ප්‍රමාණයක් පනිමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශිෂ්‍ය භට නිලධාරිනී සාවින්දි ජයවීර මීටර් 50 නිදහස් ආර සහ මීටර් 100 පසුපස ආර පිහිනුම් ඉසව්වලට සහභාගී වී ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනු ලැබුවා.