කූට ලේඛනයක් ඉදිරිපත් කර ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදීම අද සිදුවුණා.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ මෙම චෝදනා භාරදීම සිදුවුණා.
ඉන් අනතුරුව විත්තිකාර ඩයනා ගමගේගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා.