හිස් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ 50,000ක් ඇණවුම් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
එම විදේශීය ගමන් බලපත්‍ර තොගය ඔක්තෝම්බර් මස අවසානය හෝ ඊට පෙර ලැබෙනු ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රය හඳුන්වා දීමට රජය විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මඟින් විදේශීය සමාගමකට විදේශ ගමන් බලපත්‍ර සැපයීම සඳහා ටෙන්ඩරයක් දැනටමත් ප්රදානය කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
අදාළ සමාගමෙන් එම ඇණවුමෙහි කොටසක් ලෙස සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ 50,000ක ප්‍රමාණයක් සපයා ගන්නා බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තු පාලක ජනරාල්වරයා පැවසුවේ.
දැනට පවතින හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුවන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව අත්‍යවශ්‍ය හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙසයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.