ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත්කර තිබෙනවා.
ඒ, ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින්. එම පත්කිරීම පසුගිය 16 වන දින සිට බලාත්මකයි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් කාංචන බානගොඩ වෙත නිල වශයෙන් භාරදෙනු ලැබුවා.
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් කාංචන බානගොඩ, 1989 වර්ෂයේදී 19 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්ව තිබෙනවා.
සිය වෘත්තීය ජීවිතය ක්‍රමාණුකූලව උසස් වීම් ලබන ඔහු 2022 වසරේ මැයි මස 04 වන දින රියර් අද්මිරාල් නිලයට උසස්වීම් ලැබූ බවයි නාවික හමුදාව පැවසුවේ.