Saturday, November 16, 2024

General line - 0115112241

පාලකයින් ජනතාව රැවටූ කාලය නුදුරේදීම අවසන් කරන බව අනුර කියයි




පාලකයින් ජනතාව රැවටූ කාලය නුදුරේදීම අවසන් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව මෙරට ඉතිහාසයේ පළමු වරට ජනතාවගේ සහ පාලකයන්ගේ අරමුණු එකක් වන ආණ්ඩුවක් ගොඩනගන බවයි මාලඹේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.  


පසුගිය කාල සීමාවේ රජයට ගනු ලැබූ ගොවි ජනතාව වගා කළ ඉඩම් යළි ඔවුන්ට ලබාදෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එමෙන්ම දුප්පත්කම තුරන් කිරීමේ අවුරුදු දෙකක වැඩසටහනද ක්‍රියාත්මක කරන බවයි ත්‍රිකුණාමලයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ. 


සමෘදිලාභියා ශක්තිමත් කිරීම සඳහා නව වැඩපිළිවලක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.


මේ අතර ජාතික ජන බලවේගය එළිදැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.