Saturday, November 16, 2024

General line - 0115112241

මෙරට මුහුදු සීමාවේ මසුන් මැරූ ඉන්දීය ධීවරයන් 08ක් නාවික හමුදා භාරයට




මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මන්නාරමට, උතුරෙන් වූ මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු යාත්‍රාවක් ද සමඟින් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, එම මුහුදු තීරයේ සිදුකල විශේෂ වැටලීමකදීයි.

එම ඉන්දීය ධීවරයින් 08 දෙනා තලෙයිමන්නාරම වෙත රැගෙන එමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිත බවයි නාවික හමුදාව පැවසුවේ.

2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම්වලදී මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා හතලිස් හයක් සහ ඉන්දීය ධීවරයින් 341ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.