Saturday, November 16, 2024

General line - 0115112241

මෙවර ජනපතිවරණ සමීක්ෂණ වාර්තාවට ගෝඨාභයත් ?




2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසුගිය මාස ගණනක සිටම සමීක්ෂණ වාර්තා පළ කරන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) විසින් 2024 ජුලි මාසය සඳහා සිය සමීක්ෂණ වාර්තාව මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අනුර කුමාර දිසානායකගේ සමස්ත හිතකාරත්ව ජුනි මාසයට වඩා ලකුණු 29කින් ඉහල ගොස් +3දක්වා ලඟා වී ඇති අතර සජිත් ප්‍රේමදාස අභිබවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතකාරත්වය ලකුණු 40කින් වැඩි වී ලකුණු -24 දක්වා වර්ධනය වී තිබෙන බවයි පෙන්වා දෙන්නේ 

සජිත් ප්‍රේමදාස ගේ හිතකාරත්වය ජුනි මාසයේදී ලකුණු -42සිට -44 දක්වා සුළු වෙනසක් වී ඇති බවයි  සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය  සමීක්ෂණ වාර්තාවේ දක්වා ඇත්තේ 

 2024 ජනාධිපතිවරණයට එක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සඳහා ජුනි මාසයේ   හිතකාරත්වය ලකුණු -63ක් වන බවයි සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සඳහන් කරන්නේ 

 

කෙසේ නමුත් අයි එච් පී  වාර්තාවට අනුව 2024 ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂගේ නමද ඇතුලත්ව තිබෙනවා  

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) පෙන්වා දෙන්නේ මෙම හිත්කරත්ව ඇස්තමේන්තු පදනම වන්නේ ජුනි මාසයේ සහ ඊට පෙර පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ 100 ත් 500 අතර මතයන් සහ සම්මුඛ සාකච්චා 400ක් සජිත් ප්‍රේමදාස , 378 ක් අනුර කුමාර දිසානායක , 406ක් රනිල් වික්‍රමසිංහ සහ 180ක් ගෝඨාභය රාජපක්ෂ හෙවත් නාමල් රාජපක්ෂ මත පදනම් වීමෙන් බවයි.

සෘණ ලකුණු, එනම්, ශුනයට වඩා අඩු සමසේත හිතකරත්ව ශ්‍රේණිගත  කිරීමකින් අදහස් වන්නේ එම පුද්ගලයා හෝ ආයතනය කෙරෙහි හිතකර මතයක්  නොපෙන්වන බවත් ධනත්මක ලකුණුවලින්  පමණක් එනම් ශුනයට වඩා වැඩි සමස්ත  හිතකරත්වයකින්  , අදාළ පුද්ගලයා හෝ ආයතනය කෙරෙහි  හිතකර මතයක්  අදහස්  වෙනවා