Saturday, November 16, 2024

General line - 0115112241

ආණ්ඩුව යල කන්නයේ වී මිල තීරණය කරයි




වී අලෙවි මණ්ඩලය මඟින් යල කන්නයේ නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105 බැගින් ද සම්බා වී කිලෝග්‍රෑම් එකක් 115 බැගින් ද කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් 130 බැගින් ද මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන සලසා දීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.


මේ අතර ලබන වසරට අදාළ ඉතිරි පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.