Saturday, November 16, 2024

General line - 0115112241

මහනුවරින් ක්ෂය රෝගීන් 50ක් හඳුනා ගනී

කමල් සුරවීර




මහනුවර නගරයෙන් ක්ෂය රෝගීන් 50 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙම රෝගීන් හඳුනාගත් බවයි මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ පැවසුවේ.

එම නාගරික සීමාව තුළ වැඩි තර්ජනයක් ඇත්තේ ක්ෂය රෝගය සඳහා බවටයි අනාවරණ වී ඇත්තේ.

ඩෙංගු රෝගීන් දින 06ක් ඇතුළත හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කෙරෙනවා.

එහෙත් ක්ෂය රෝගය එලෙස හඳුනාගත නොහැකි බවයි ඔහු කියා සිටියේ.

නිතර පවතින කැස්ස, සෙම, සිරුරේ අප්‍රාණික භාවය, කෑම අරුචිය ආදී රෝග ලක්ෂණ පවතින පුද්ගලයන් ඒ සඳහා කෙටි කාලීන ප්‍රතිකාර සඳහා යොමුවීම තුළින් ඍජුව ක්ෂය රෝගයට ප්‍රතිකාර නොලැබෙන බවත් රෝගය තවදුරටත් ව්‍යාප්තවීමට අවස්ථාව පවතිනවා.

දැනට මහනුවර නගරය ආශ්‍රිතව ක්ෂය රෝගී තත්ත්වය බහුලව පවතින බැවින් හැකි තරම් ආරක්ෂිතව සිටීමට වගබලා ගැනීමට ජනතාව දැනුවත්විය යුතු බවයි මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ වැඩිදුරටත් පැවසුවේ.