ගොවීන්ට අසාධරණයක් නොවන මිල ගණන් යටතේ සිය රජයක් යටතේ වී මිලදී ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මේ වනවිට ගොවීන්ට ලබාදෙන මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි ත්‍රිකුණාමලයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.
දේශපාලන මැදිහත් වීමකින් තොර සුදුස්සාට සුදුසු රැකියා ලබාදීමට අවස්ථාව සලසන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.
බලය ලබා ගැනීම සඳහා තමන් ජාතිවාදය වැලඳ නොගන්නා බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
සැප්තැම්බර් 21 වනදා මෙරට ජාතිවාදී දේශපාලනය පරාජය කිරීමට ජනතාවට අවස්ථාව හිමිවන බවයි කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.
මේ අතර ජාතික ජනබලවේගය විසින් එළිදැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශයක් සිදුකළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.
කොළඹ පැවති ජනහමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.