Saturday, November 16, 2024

General line - 0115112241

කච්චතිව් ප්‍රදේශයේදී ඉන්දීය ධීවර බෝට්ටුවක් පෙරලෙයි




කච්චතිව් ප්‍රදේශයේදී ඉන්දීය ධීවර බෝට්ටුවක් පෙරලී අනතුරට ලක්ව තිබෙනවා.

ඉන්දීය ධීවරයන් සිව් දෙනෙකු රැගත් බෝට්ටුවක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

එම බෝට්ටුවේ සිටි ධීවරයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

එම ඉන්දීය ධීවරයක් දෙදෙනා සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

මේ අතර මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මන්නාරමට, උතුරෙන් වූ මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු යාත්‍රාවක් ද සමඟින් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, එම මුහුදු තීරයේ සිදුකල විශේෂ වැටලීමකදීයි.

එම ඉන්දීය ධීවරයින් 08 දෙනා තලෙයිමන්නාරම වෙත රැගෙන එමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිත බවයි නාවික හමුදාව පැවසුවේ.

2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම්වලදී මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා හතලිස් හයක් සහ ඉන්දීය ධීවරයින් 341ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.