රුසියාවට එරෙහි සටනේ ජයග්රාහී සැලැස්ම සකස් කර අවසන් බව යුක්රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා.
ඔහු විශේෂ ප්රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ සැලසුම අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් වෙත ලබන මාසයේදී ඉදිරිපත් කරන බවයි.
තම හමුදා රුසියාවේ කර්ක්ස් කලාපය ආක්රමණය කළේද මෙම සැලසුමේ කොටසක් ලෙස බව ඔහු පවසා තිබෙනවා.
යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රුසියාවට එරෙහි තම සැලසුම අමෙරිකානු ජනාධිපති අපේක්ෂකයින් වන කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්රම්ප් වෙතද ඉදිරිපත් කරන බවයි.
අමෙරිකාවේ තීරණය මත සිය සැලැස්මේ සාර්ථකත්වය තීරණය වන බව ද යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
අගෝස්තු මස මුල් සතියේදී යුක්රේන හමුදා, රුසියාවේ කර්ක්ස් කලාපය ආක්රමණය කළා.
යුක්රේන හමුදා ප්රධානීන්ගේ දත්තවලට අනුව ඔවුන් අත්පත්කරගෙන සිටින රුසියාවේ භූමි ප්රමාණය වර්ග කිලෝමීටර් 1,294ක්.
එමෙන්ම ගම්මාන සියයක බලයද ඇත්තේ යුක්රේන හමුදා සතුවයි.
කෙසේවෙතත් රුසියානු භූමිය දිගින් දිගටම අල්ලාගෙන සිටීම තම අරමුණ නොවන බව ද යුක්රේනය පවසනවා.
යුක්රේන හමුදා, රුසියානු භූමිය ආක්රමණය කර මාසයකට ආසන්න කාලයක් ගත වී ඇතත් ඔවුන් පලවා හැරීමට රුසියානු හමුදාවන්ට මෙතෙක් හැකි වී නැහැ.