රබර් වගාව සඳහා යොදන කිලෝ ග්රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා මිල අඩු කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.
ඒ, වාර්ෂික රබර් කිරි අස්වැන්න වැඩිදියුණු කිරීමේ අරමුණින්.
මෙරට රබර් වගාවට වසර ගණනාවක් තුළ පොහොර දැමීමක් සිදු කර නොමැති බවට ශ්රී ලංකා රබර් පර්යේෂණ ආයතනය අනාවරණ කර තිබෙනවා.
ඒ අනුව වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්රික් ටොන් ලක්ෂයේ සිට මෙට්රික් ටොන් 65,000 දක්වා අවම වී ඇතැයි සඳහන්.
ඒ අනුව රබර් වගාව සඳහා ලබා දෙන මෙම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා දීමට පියවර නියමිතයි.
මේ වනවිටත් වී වගාව හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 25,000ක් වශයෙන් ද තේ, පොල් හා කුරුඳු වගාවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරය ද ලබා දිමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර, රබර් වගාවේ පැතිර යන නව පත්ර පුල්ලි රෝගය සඳහා පළමුවරට කළ රසායනික අත්හදා බැලීමක් සියයට 80කින් සාර්ථක වී ඇති බවයි ශ්රී ලංකා රබර් පර්යේෂණායතනය පවසන්නේ.
රබර් පර්යේෂණායතනයේ ආචාර්ය සරෝජනී ප්රනාන්දු පැවසුවේ මෙම පත්ර පුල්ලි රෝගය දැනට කළුතර, රත්නපුර මෙන්ම මොණරාගල හා අම්පාර ප්රදේශවලට ද පැතිර ගොස් ඇති බවයි.
මෙමගින් වාර්ෂික රබර් කිරි අස්වැන්න සියයට 10කින් අඩුවීමට බලපානු ඇති බවටයි මේ වන විට හෙළි කරගෙන ඇත්තේ.