Saturday, December 28, 2024

General line - 0115112241

ඊශ්‍රායල දැවැන්ත වැඩ වර්ජනයට අධිකරණ නියෝගයක් 




ඊශ්‍රායල ජනතාව සිදු කර ගෙන යන මහ වැඩ වර්ජනය අවසන් කරන ලෙස ඊශ්‍රායල කම්කරු අධිකරණය නියෝග කර තිබෙනවා 

ඒ හමාස් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ ගිවිසුමකට ආණ්ඩුව එකඟ විය යුතු බවට ඉල්ලා සිටිමින් එරට බලවත්ම වෘත්තීය සමිතිවලින් එකක් වන Histadrut විසින් මහ වැඩ වර්ජනයක් ඊශ්‍රායලය පුරා ක්‍රියාත්මක කර තිබුනා 

ඒ ගාසා තීරයේ සොල්දාදුවන් විසින් ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමෙන් පසුවයි

ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන් ගමනාගමන මධ්‍යස්ථානය වන බෙන් ගුරියන් ගුවන් තොටුපළේ ඇතැම් ගුවන් ගමන්වලට අද බාධා එල්ල වී ඇති අතර විරෝධතාකරුවන් මාර්ග කිහිපයක් අවහිර කර තිබෙන බවද සඳහන් කර තිබෙනවා .