නාසා ආයතනය මගින් යොමු කළ අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ ඉතා ආසන්නයට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
පාකර් සෝලර් ප්‍රෝබ් නමැති එම අභ්‍යවකාශ යානය ඉතිහාසගත වී ඇත්තේ සූර්යයාගේ ආසන්නයටම නිරුපද්‍රිතව ළඟා වූ යානාව ලෙසටයි.
සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ සිට සැතපුම් මිලියන 3යි දශම 8ක් ආසන්නයට එම යානය ළඟා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
පැයට කිලෝමීටර් හයලක්ෂ 92,000 වේගයෙන් ගමන් කළ හැකි එම අභ්‍යවකාශ යානය ෆැරස්හයිඩ් අංශක 1,800ක් දක්වා වූ අධික උෂ්ණත්වයකට ඔරොත්තු දෙන අයුරින් නිපදවා තිබෙනවා.
දින කිහිපයක් තිස්සේ එම යානාවෙන් සංඥා ලැබීම නතර වී පැවතීම නිසා එය සූර්යයාගේ අධික උෂ්ණත්වය හේතුවෙන් විනාශ වූ බවටයි සැක පළව තිබුණේ.
කෙසේවෙතත් ඊයේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේ පාකර් සෝලා යානයෙන් සංඥාවක් ලැබුණු බව නාසා ආයතනය පවසා තිබෙනවා.