Saturday, December 28, 2024

General line - 0115112241

මෝදි, බෲනයි රාජ්‍යයේ සංචාරයක




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා බෲනයි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු බෲනයිහි සංචාරයක නිරත වන්නේ පළමු අවස්ථාවට බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

බෲනයි පාලක සුල්තාන් හසන්නාල් බොල්කියාගේ විශේෂ ඇරයුමකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම සංචාරයට එක්වනවා.

ඉන්දියාව සහ බෲනයි රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 40ක් සැපිරීම ද අරමුණු කර ගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම සංචාරයට එක්වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

බෲනයි රාජ්‍යය අග්නිදිග ආසියාවට අයත් මුස්ලිම් රාජ්‍යයක් වනවා. බෝනියෝ දූපතෙහි කොටසක් ලෙසයි බෲනයි රාජ්‍ය පිහිටා ඇත්තේ.