Saturday, December 28, 2024

General line - 0115112241

සිර කඳවුරකින් පැන්න 129දෙනකුට ජිවිත අහිමි වෙයි




කොංගෝ රාජ්‍යයේ විශාලතම සිරකඳවුරෙන් අලුයම පැනයාමට උත්සාහ කිරීමේ දී රැඳවූවන් 129 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා..

කොංගෝ රාජ්‍යයේ කිංශාසා අගනුවර පිහිටා ඇති මධ්‍යම මකලා සිර කඳවුරෙන්  මොවුන් පැනයාමට උත්සාහ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රැඳවූවන් සිරකඳවුරේ පරිපාලන ගොඩනැගිල්ලට ගිනිතබා පැන යාමට උත්සහ කර තිබෙනවා.

එම ගින්නෙන් බන්ධනාගාරයේ පරිපාලන ගොඩනැගිලි, ලේඛනාගාරය, රෝහල් සහ ආහාර ගබඩා විනාශ වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට තත්වය පාලනය කර ඇති බවත් පරීක්ෂණ පැවැත්වෙන බවත් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා  එරට මාධ්‍යවෙත පවසා තිබෙනවා.

එහිදී රැඳවූවන් 24 දෙනෙකු පොලිස් වෙඩි ප්‍රහාරයන්ට ගොදුරුවී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අනෙක් පිරිස ඇතිවූ අධික තදබදය හේතුවෙන් මියගොස් ඇති බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

මකාලා සිරකඳවුර සිරකරුවන් 1,500 දෙනෙකු පමණ රැඳවීමට ඉදිකර ඇති අතර මේ වනවිට එහි රැඳවූවන් 14,000ත් 15,000ත් අතර පිරිසක් රඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

2017 දී,  සන්නද්ධ මිනිසුන් රාත්‍රියේ ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් පසු සිරකරුවන් 4,000 ක් පැන ගොස් තිබු අතර පුද්ගලයන් 80කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.