Friday, December 27, 2024

General line - 0115112241

වෙනිසියුලාවේ විපක්ෂ නායකවරයා රට හැර යයි




වෙනිසියුලාවේ විපක්ෂ නායක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් ස්පාඤ්ඤයේ සරණාගතභාවය පතා රට හැර ගොස් ඇති බව වෙනිසියුලානු රජය ප්‍රකාශ කර තිබෙනවා.

ඔහුට දින කිහිපයක සිට කැරකාස්හි ස්පාඤ්ඤ තානාපති කාර්යාලයේ රැකවරණය ලබා සිට ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඔහු නිල වශයෙන් ස්පාඤ්ඤ රජයෙන් දේශපාලන රැකවරණ ඉල්ලීමටද මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

ස්පාඤ්ඤයේ විදේශ කටයුතු අමාත්‍ය ජෝස් මැනුවෙල් ඇල්බරේස් පැවසුවේ විපක්ෂ නායකවරයාගේ ඉල්ලීම මත ස්පාඤ්ඤ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් එරටට පැමිණි බවයි.

විපක්ෂ නායකවරයා රට හැර ගිය බවට ඔහුගේ  නීතීඥයෙකු තහවුරු කර තිබෙනවා.

කෙසේවෙතත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වෙනිසියුලා රජය වරෙන්තුවක්ද නිකුත් කර තිබෙනවා.

ඒ, පසුගිය ජූලි මස පැවති වෙනිසියුලාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය විවාදයට ලක් කිරීම හේතුවෙන්.

මේ සම්බන්ධයන් විපක්ෂනායකවරයා පවසා ඇත්තේ තමන් වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ බවට සාක්ෂි ඇති බවයි.

ඒ අනුව ජනාධිපති මදුරෝ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව ඇති වූ විරෝධතා හේතුවෙන් වෙනිසියුලාවේ පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 192 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.