ගාල්ල මුහුදු තීරයේදී බහු දින ධීවර යාත්‍රාවක හැපී සිදුවූ අනතුරෙන් ධීවර කාර්මිකයන් තිදෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධියට සම්බන්ධ නෞකාව නාවික නීතිය යටතේ සිය භාරයට ගෙන ත්‍රිකුණාමල වරායේ රඳවා ගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා
සැප්. 3 ගාල්ල සිට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී මෙම අනතුර සිදු වූ අතර එම යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු වෙනත් ධීවර යාත්‍රාවක් මගින් මුදාගෙන තිබුණා.
මෙලෙස අණතුරකට ලක්කර තිබුණේ ලිබියාවේ සිට බංගලාදේශය දක්වා පොහොර තොගයක් රැගෙන යමින් තිබූ "COMMANDER-K" නැමැති නෞකාවයි.
මෙම නෞකාව ඉන්ධන ලබා ගැනීමට ත්‍රිකුණාමල වරායට පැමිණි අවස්ථාවේ ගාල්ල වරාය මගින් ලබා දුන් පණිවිඩයක් මත මෙම රඳවා ගැනීම සිදුකර තිබෙන්නේ.
පසුව රඳවාගෙන ඇති නෞකාවේ කපිතාන්වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ ත්‍රිකුණාමල වරායේදී ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන තෙක් තම නෞකාව ධීවර යාත්‍රාවක ගැටුණු බව නොදන්නා බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමල වරාය පොලිසිය ගාල්ල වරාය පොලිසිය හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව වැඩිදුර පරීක්ෂණ සිදු කරණු ලබනවා.