Tuesday, December 24, 2024

General line - 0115112241

ඡන්දය භාවිත කළ ජනතාවට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්




ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව ප්‍රතිඵල නිකුත් කරන තුරු සියලු ජනතාව සාමකාමීව තම නිවෙස්වලට වී සිටන ලෙස මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා සඳහන් කළේ ඡන්දය භාවිත කිරීමෙන් පසුව තමන් කුමන පාර්ශවයකට ඡන්දය භාවිත කළේද යන්න ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙසයි. 

ඡන්ද විමසීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට රැගෙන යන ආරකාරය සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා. 

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු පස්වරු 04යි 15ට ආරම්භ කිරීමට නියමිත අතර අනෙකුත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු රාත්‍රී 07යි 15ට ආරම්භ කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී කියා සිටියේ.

පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10න් පසු නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.