ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා නිවෙස් වෙත යාමට හැකියාව ඇත්තේ පුද්ගලයින් 05 දෙනෙකුට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක පැවසුවේ එම සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රචාරණ කටයුතු සඳහා එක් වුවහොත් එය නීති විරෝධී කටයුත්තක් බවයි.
එමෙන්ම අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා වාහනවල ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමට හැකියාව ඇත්තේ මැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයාට පමණක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මේ බව සඳහන් කළා.
සමාජ මාධ්‍ය හරහා පැතිර යන ජනාධිපතිවරණ සමීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක වැඩිදුරටත් අදහස් පළ කළා.