රුපියල ශක්තිමත් වීමත් සමඟ ඉදිරියටත් ජනතාවට සහාන ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පසුගිය කාලයට වඩා ආර්ථිකය මේ වනවිට ශක්තිමත් වෙමින් පවතින බවයි වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
තරුණයන්ට රැකියා උත්පාදනය වන කර්මාන්ත ශාලා කිහිපයක් සමගි ජන බලවේග රජයක් යටතේ ආරම්භ කරන බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මෙම බව සඳහන් කළේ නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්.
ජාතික ජන බලවේගය බලයට පත් වීමෙන් පසුව තමන්ට ඡන්දය ලබාදුන් සහ නොදුන් සියලුම ජනතාව ඒකරාශ්‍රී කරමින් නව ආණ්ඩුවක් පිහිටුවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අන්තර් සමාගම් සේවක සංගමයේ සමුළුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
මැතිවරණය ඉල්ලක කර ගනිමින් තම පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්ති වෙනස් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
පානදුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.