ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 209ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගතවූ පැය 24ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 204ක් සහ ප්රචණ්ඩ ක්රියා සම්බන්ධව පැමිණිලි 02ක් වාර්තා වූ බවයි.
වෙනත් පැමිණිලි 03ක්ද වාර්තා වී ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව පසුගිය ජූලි 31 වැනිදා සිට මේ දක්වා සමස්ත මැතිවරණ පැමිණිලි 2,863ක් වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 2,775ක්, ප්රචණ්ඩ ක්රියා සම්බන්ධව පැමිණිලි 23ක් සහ වෙනත් පැමිණිලි 65ක් ඒ අනුව වාර්තා වී තිබෙනවා.
ලැබී ඇති පැමිණිලිවලින් 2,113ක් විසඳා ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.