2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාද මාලාවේ දෙවන අදියර අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත් වුණා.
එම විවාදයට ජනාධිපති අපේක්ෂකයන් 05 දෙනෙකු එක්ව සිටියා.
එහිදී අදහස් දැක්වූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ රට තුළ නව නීති සකස් කළ යුතු බවයි.
එම විවාදයට එක් වූ ජනාධිපති ධූර අපේක්ෂක සරත් මනමේන්ද්‍ර මහතා පැවසුවේ තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ රට තුළ හොරකම, වංචාව නතර කරන නව යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට 50කින් වැඩි කිරීමට තමන් බලයට පත් වුවහොත් සිදුකල හැකි බව එම විවාදයට එක් වූ අභිනව නිවහල් පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ඕෂල හේරත් මහතා පවසනවා.