අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ධාවනය කරමින් තිබූ වාහනයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.
එම වෙඩි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් පුද්ගලයන් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතල වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ලන්ඩනයේ නගරාධිපති සඳහන් කලේ එම තුවාල සියල්ල වෙඩි වැදීමෙන් සිදු වූවක් නොවන බවට සැක පල කරන බවයි.
වෙඩි ප්‍රහාර එල්ල කර ඇත්තේ අධිවේගී මාර්ගය දෙපස පිහිටි කැලෑබද ප්‍රදේශයේ සිට බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
වෙඩි තැබීමෙන් පසුව සැකකරුවන් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ ජායාරුපයක් මේවන විට එරට මාධ්‍ය අනාවරණය කර ඇති බවට සඳහන්.
ඒ 30 හැවිරිදි ජෝශප් කවුච් නම් පුද්ගලයෙකි.
ඔහු සන්නද්ධ සහ භයානක අපරාධකරුවෙකු වන අතර ප්‍රදේශවාසීන්ට ආරක්ෂිතව රැඳී සිටින ලෙසටද පොලීසිය අනතුරු අඟවා තිබෙනවා