Friday, November 15, 2024

General line - 0115112241

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 70ක් ජනතාව වෙත




ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 70ක් පමණ මේ වනවිට ජනතාව වෙත බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ විශේෂ බෙදා හැරීම් සිදුකල ඊයේ දිනයේදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 25කට ආසන්න සංඛ්‍යාවක් ජනතාව වෙත බෙදා හැරුණු බවයි.

අද දිනයේ සිට ලබන 14 වනදා දක්වා තවදුරටත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජනතාව වෙත බෙදා හරින බවයි තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් පැවසුවේ.